පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය තම පියා පෙර දැනුවත්ව සිටියේයැයි එවකට අමාත්‍යවරයෙකුව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (28) මන්ත්‍රීවරයාගෙන් පැය 05 කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගත්තේය.

ඒ පෙර කර තිබූ දැනුම්දීමට අනුව මන්ත්‍රීවරයා අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුකළ දින පැවැත්වූ මාධ්‍ය හමුවකදී එවකට අමාත්‍යවරයෙකුව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශය කළේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තම පියා පෙර දැනුවත්ව සිටි බවය.

ඒ අනුව ඊයේ පෙරවරු 10.15ට පමණ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ නියෝජිතයින් පිරිසක්ද සමග ය.

පැය 05 කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදුන් මන්ත්‍රීවරයා පස්වරු 3.15 ට පමණ ඉන් පිටතට පැමිණියේය.

“මම හතර වතාවක් මේ වන විට කටඋත්තර දීලා තියෙනවා CIDයට. කිසිම වැදගත් තොරතුරක් නෙමෙයි. රස්තයාදු කිරීමකට පැය 5ක කාලයක් රඳවාගෙන නොයෙකුත් ප්‍රශ්න ඇහුවා. තාත්තාගේ කතන්දරේ තමයි තවම කටඋත්තරවලට ගන්නේ. මොකක් හරි එකක් හොයමින් පවතිනවා. පුළුවන් නම් ට්‍රැෆික් නඩුවකට හරි අල්ලයි. මම කාලෙකින් මාධ්‍යයට ආවේ නෑ. විශාල ශල්‍යකර්මයක් කරා. වෑල් 04ක් අවහිරවෙලා හිටියේ. ඉතින් ඒක හෙයලා දීපු රජයට විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. මම ආසයි මේ නාලිකාවකට කරන්න, සරත් වීරසේකරටයි මටයි ආරාධනා කරන්න. පාස්කුව ගැන පාර්ලිමේන්තුවේ කියපු කතා ගැන සාකච්ඡා කරන්න. මම එතුමාට විවෘතව වේදිකාවකට ආරාධනා කරනවා. අද ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහත්තයත් මට උදේ කතා කළා. එතුමා කිව්වෙත් ඕනේම තැනක කියන්න කියලා මට දුරකථන ඇමතුම් ආව ගමන් මම එතුමාව දැනුවත් කළා. ඒ නිසා එතුමාව ගෙන්නලා කටඋත්තරය ගන්න කියලා එතුමා දැනගෙන හිටිය දේවල් ගැන.”