ඊයේ (09) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 118 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කරනවා.

දිනක් තුළ මෙර​ට සිදු වූ මරණ වැඩිම මරණ සංඛ්‍යාව මෙයයි.

මිය ගිය අය අතරට වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 17 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 101 දෙනෙකු අයත්.

ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 5,340 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.