තවත් කොවිඩ් මරණ 98ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.ඒ් අතර කාන්තාවන් 44 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 54 දෙනෙකුද සිටි.

ඊයේ (05) දින තහවුරු කර ඇති එම මරණ 98ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,919ක් දක්වා ඉහළගොස් ඇත.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 70 දෙනෙකු සිටි බව වාර්තා විය.