අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත කුමාර මුදලිගේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සන්දීප ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
පොලීසිය විසින් අද (06) අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා ඇත.
පසුගිය දින කිහිපයේ පැවැති උද්ඝෝෂණ වලට අදාළව පොලීසිය විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.