සංචරණ සීමා හෙට (21) අලුයම 4.00 ට ඉවත් කිරීමත් සමග පළාත් තුළ සීමිත බස් හා දුම්රිය ගමන්වාර සිදු කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව එම සේවා පවත්වාගෙන යාමට උපදෙස් දුන් බවය.

අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් පොදු ප්‍රවාහනය භාවිත කරන්නැයි රාජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.

පළාත් තුළ දුම්රිය ගමන් වාර සිමීත සංඛ්‍යාවක් හෙට(21) සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය ගමනාගමන අධිකාරි ගාමිණි සෙනවිරත්න මහතා ප්‍රකාශ කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ, ඉන්ධන මිල ඉහළ දැමූව ද බස් ගාස්තු ඉහළ නොදමන බවය.

කෙසේ වෙතත් පෞද්ගලික බස් හිමියන්ට යම් සහනයක් ලබා දීමට සැලසුම් සකස් කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.