උතුරු නැගෙනහිර සමුද්‍ර ජීවීන්ගේ මරණ සම්බන්ධයෙන් අද මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද පවසා සිටියේ කැස්බෑ මරණ වල කිසිම සත්‍යතාවයක් නොමැති බවයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද

“දකුණු ප්‍රදේශ වලත් ලොකුවට එවැන්නක් සිදුවන්නේ නැහැ .එහෙනම් කොහොමද උතුරු වෙරළේ ⁣එහෙම සිද්ධ වෙන්නේ.මේ වන විට 40කට අධික කැස්බෑවන් ගොඩ ගසා තිබෙනවා.ඒක නිකන් එක් එක් අය අන්තර්ජාලයෙන් අරගෙන පළ කරන ඒවා.එකේ සත්‍යතාවයක් නැහැ’