බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ස්වයං නිරෝධායනයට ලක්ව තිබෙනවා.

ඒ, එම අමාත්‍යාංශයේ සේවකයින් පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

මේ වනවිට නිරෝධායනය වෙමින් සිටින බවයි. ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක් සිදුකළ බවත්, එහිදී තමන්ට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වූ බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටිනවා.

කෙසේ නමුත්, අමාත්‍යාංශය විෂබීජහරණයට ලක් කළ බවත් සිකුරාදා (06) දක්වා අමාත්‍යංශය වසා දැමීමට තීරණය කළ බවත් ඇමතිවරයා වැඩිදුරටත් පවසනවා.