අධ්‍යාපන අමාත්‍යවරයා සමග ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම පිළිබඳව අද (03) පස්වරුවේ පැවති සාකච්ඡාව අසාර්ථක බව ගුරු සංගම් ප්‍රකාශ කරයි.

ගුරු – විදුහල්පති සංගම් 37ක් අදාළ ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සමග මෙම සාකච්ඡාව පවත්වා ඇත.

මේ අවස්ථාවේදී රජයට මුදල් නොමැති බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති පසුබිමක සිට මෙම සාකච්ඡාව පවත්වා තිබෙන බවද වාර්තා වෙයි.

කෙසේ නමුත් එම ගුරු විදුහල්පති ගැටලුව ලබන අයවැයේදී සලකා බැලීමට නියමිත බවද රජය පාර්ශවයෙන් තීරණය කොට තිබෙන බවද පැවසේ