මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ අත්සනින් සියලුම බැංකු වල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත යවා ඇති නිවේදනයක රසායනික පොහොර ගන්වීමට ඇති තහනම ඉවත්කර ඇති බව දන්වා ඇතැයි ආචාර්ය හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

අදාළ නිවේදනය සභාගත කරමින් හර්ෂ ද සිල්වා කියා සිටියේ මෙතෙක් තහනම් කර තිබු නොයෙකුත් රසායනික පොහොර වර්ග ආනයනය කිරීම අගෝස්තු මස 01 වැනිදා සිට ඉවත් කර ඇති බවටත් ඒ වෙනුවට බලපත්‍රයක් යටතේ එම පොහොර ගෙන්වීමට හැකි බව එම නිවේදනයේ සඳහන් කර ඇති බවත් ය.

කෙසේ නමුත් අදාළ නිවේදනයේ කියවෙන ගැසට් පත්‍රය අන්තර්ජාලයේ නොමැති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.