ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගැසට් කර තිබෙනවා.

ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙකු ලෙස බැසිල් රාජපක්ෂගේ නම යෝජනා කරමින් මීට පෙර මැතිවරණ කොමිසමට ලිපිලේඛන භාර දී තිබුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ බැසිල් රාජපක්ෂට අවස්ථාව ලබා දෙමින් ඊයේ (06) පෙරවරුවේ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණා.