දැනට ගබඩා කරගෙන ඇති සියලු පොහොර තොග ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත මුදා හරින්නැයි පොහොර සමාගම් වෙත ඊයේ උපදෙස් ලබාදුන් බවත්, රටතුළ කිසිදු පොහොර අර්බුදයක් නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා. මේ වනවිට පොහොර සමාගම් සතු ගබඩාවල පොහොර මෙට්‍රික් ටොන් 102,000 ක් ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා

එසේ තිබියදී ගොවීන් යැයි හඳුන්වා ගන්නා සුළු පිරිසක් රටේ තැනින් තැන උද්ඝෝෂණ පවත්වමින් සිටින බවත්, ඔවුන් සැබෑ ගොවීන් නොව දේශපාලන කණ්ඩායම්වල සාමාජිකයන් බවත් අලුත්මගමගේ ඇමතිවරයා සඳහන් කරනවා. උද්ඝෝෂණවලට ප්‍රසිද්ධ දේශපාලන පක්ෂයක සටන් පාඨ හා විරෝධතා පුවරු එම ගොවි උද්ඝෝෂණවල දක්නට ලැ‍බෙන බව පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ ගොවීන් පාරට බස්සවා, ගොවියෙක් මරණයට පත්කර හෝ බලය ලබා ගැනීම එම දේශපාලන පක්ෂයේ අරමුණ වී ඇති බවයි.

මෙහෙදී සජබයේ පා.ම කිංග්ස් නේල්සන් පවසා සිටියේ අමාත්‍යවරයා පැවසු ආකාරයට පොලොන්නරු දිස්ත්‍රික්කයේ 90%ක් පොහොර ලැබී තිබූ ප්‍රකාශය අසත්‍ය බවත් පොලොන්නරු දිස්ත්‍රික්කයේ පොහොර නොමැති තැන් තිබෙන බවය.

එමෙන් සජබයේ පා.ම හර්ෂණ රාජකරුණා කියා සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ අන්නාසි මඤ්ඤොක්කා වගාවන් වලට පොහොර විශාල වශයෙන් අඩු බවය.