තමාට පාර්ලිමේන්තුව නියෝජනය කරන ලෙස ඇරයුම් කළ ජනපති, අගමැති, ඇමති මණ්ඩලය, මැති ඇමතිවරුන්, පළාත් පාලන නියෝජිත ව්‍යුහයට, පොදුජන පෙරමුණේ සියලුම පාර්ශ්වකරුවන්ට, සිවිල් සංවිධාන නියෝජිතයින්ට, සමාජ ක්‍රියාකාරීන්ට හා පොදු මහජනතාට ස්තූතිය ප්‍රකාශ කරන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කරයි.

එසේම තමන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව දෙමින් සිය මන්ත්‍රීධුරය අත්හළ ජයන්ත කැටගොඩද ස්තූතිය ප්‍රකාශ කරන බව ඔහු පවසයි.

සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් පවසන්නේ ඉදිරි කටයුතු සඳහා ආශීර්වාදය හා සහයෝගය බලාපොරොත්තුවන බවයි.