ඊයේ (ජූලි 1) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,883 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අතරින් පුද්ගලයන් 68 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් වේ.

මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩි ම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 342කි.