කොවිඩ් වසංගතය හමුවේ මේ වනවිට වසා දමා තිබෙන පාසල් සෞඛ්‍ය නිර්දේශවලට යටත් ව සහ අධ්‍යාපනය සැමට ලබාදීමේ අරමුණ ඇති ව ආරම්භක පියවරක් වශයෙන් ළමුන් 100ට අඩු පාසල් සෞඛ්‍ය අංශවල පූර්ණ නිර්දේශවලට අනුකූල ව ජුලි මාසය තුළ විවෘත කිරීමට සුදුසු ප්‍රායෝගික වැඩපිළිවෙළක් දියත් කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පවසනවා.

බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව ළමුන් 50ට අඩු පාසල් 1439ක් සහ ළමුන් 51-100 දක්වා පාසල් 1523ක් වශයෙන් පාසල් 2962ක් මූලික වශයෙන් සෞඛ්‍ය නිර්දේශ මත ජූලි මාසය තුළ විවෘත කිරීමට ත් අනෙකුත් පාසල් නිසි සැලසුමකට අනුව විවෘත කිරීමට අපේක්ෂා කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.