5 හැවිරිදි දැරියක අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධියට අදාළ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති අයි එම් ලලිත් එදිරිසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කර තිබෙනවා.

පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ බරපතල දූෂණ ක්‍රියාවක් සිදුකල බවට වූ චෝදනාව සම්බන්ධයෙන් අදාල උපසභාපතිවරයා අත්අඩංගුවට පත්වීම සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ගත් බවයි.

පොදුජන පෙරමුණ නියෝජනය කරන කිසියම් පළාත් පාලන සභිකයෙකු දූෂණ චෝදනා සම්බන්ධයෙන් චෝදනා ලබන අවස්ථාවලදි ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවයි සාගර කාරියවසම් මහතා සදහන් කළේ.

ඒ අනුව ඊට අදාල චෝදනා පත්‍රය මිහින්තලේ ප්‍රාදේශිය සභාවේ උප සභාපතිවරයා වෙත යැවිමට නියමිත අතර නැවත දැනුම් දෙන තුරු ඔහුට පොදුජන පෙරමුණ වෙනුවෙන් හෝ එහි සාමාජිකයෙක් ලෙස හෝ පෙනී සිටීම තහනම් වනු ඇති.