ශ්‍රී ලංකාවේ පොදුජන පෙරමුණ (පොහොට්ටුව) අභ්‍යන්තරයේ ඇති ගැටළු පක්ෂ නියෝජිතයින් විසින් පක්ෂය තුළ දී විසඳනු ඇති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මෑතකදී ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අතර ඇතිවූ ප්‍රශ්නය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා

පක්ෂය තුළ ඇති ගැටළු හන්දි වල කතා නොකරන බවත් එසේ සිදු කිරීමෙන් එක්සත් ජාතික පක්ෂයට සිදු වූ දේ පෙන්වා දෙමින් ඒ මහතා කියා සිටියේ පොදු ජන පෙරමුණ තුළ කෙරෙන සාකච්ඡාවලින් අනතුරුව මෙම ගැටළුව විසඳනු ඇති බවත් මාධ්‍ය සමඟ සාකච්ඡා කිරීම අවශ්‍ය නොවන බවයි.