ගෙවුණු දිනයේ (21) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,131 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ආසාදිතයින් අතරින් 33 දෙනෙකු හඳුනා ගෙන ඇත්තේ, විදේශයන්හි සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිස් අතරිනි.

ඊයේ දිනයේත් දිස්ත්‍රික්ක 25 න්ම ආසාදිතයින් වාර්තාවී ඇති අතර වැඩිම ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, ගම්පහ දිස්ත්‍රික්කයෙනි.