තෙල් මිල අඩු කිරීමට උපදෙස් කෙටි පණිවිඩයකින් හෝ වීඩියෝ ඇමතුමකින් බැසිල් රාජපක්ෂ ලබා දුන්හොත් වහාම තෙල් මිල අඩු කර ඒ සහනය ජනතාවට ලබා දීමට සූදානම් බව අමාත්‍ය උදය ගම්මන්පිල සදහන් කරනවා.

ආණ්ඩුවේ අර්බුදය සාගර කාරිවසම් ඇති නොකර බවත් ආණ්ඩුවේ අර්බුදය ඇති කරන පුද්ගලයන් තිදෙනෙකුගේ නම් තමා ළග තිබෙන බවත් එම නම් තුන තුළ බැසිල් රාජපක්ෂගේ නම තිබෙනවාද නැද්ද යන්න ප්‍රශ්නයට තමා පිළිතුරු දීමෙන් වැළකී සිටින බවත් නිසි ආකාරව සාක්ෂි එකතු කර ගැනීමට පෙර කිසිවෙකුගේ දේශපාලන ජීවිතයට හානියක් කිරීමට තමා කැමති නැති බව අමාත්‍ය උදය ගම්මන්පිල වැඩිදුරටත් සදහන් කරනවා.