කොවිඩ් ආසාදිත තවත් මරණ 45ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,814ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම මරණ ඊයේ (23) තහවුරු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එම මරණ 45න් 18ක් කාන්තාවන් වන අතර සෙසු 27දෙනා පිරිමි පුද්ගලයින් ය.