හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීම පිළිබඳව ජගත් මානව හිමිකම් සංවිධානය ට්විටර් පණිවුඩයක් තබා තිබෙනවා.

ඔවුන් සිය ට්විටර් පණිවුඩය මගින් සඳහන් කර තිබෙන්නේ, දේශපාලඥයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරද කරුවෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට ජනාධිපති සමාව ලබාදී අත්තනෝමතික ලෙස නිදහස් කිරීම නීතියේ අධිපත්‍යය දුර්වල කරන සහ වගවීමේ ක්‍රියාවලිය අඩපණ කිරීමට තවත් උදාහරණයක් බවයි.