හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව වැරදිකරුවී මරණ දඬුවම හිමිව සිට ජනාධිපති සමාව ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පවත්වා තිබෙනවා.

ඒ අනුව ජනාධිපති සමාව ලැබීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිල වශයෙන් තම පක්ෂයේ නායකයා හමුවූ පළමු අවස්ථාවද මෙය වනවා.