විවාහ උත්සහ සහ අවමංගල්‍ය කටයුතු සඳහා පළාත් මායිම් උල්ලංඝනය කරමින් ගමන් කිරීමේ හැකියාවක් නොමැති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, ළඟම ඥාතියෙකුගේ අවමංගල්‍ය කටයුත්තක් සඳහා පමණක් අදාළ ලේඛන මඟින් තහවුරු කිරීමකින් පසුව යම් ලිහිල් කිරීමක් සිදුකරන බවය.

විවාහ මංගල අවස්ථාවක දී මනාල යුවළ පළාත් දෙකක සිටීනම් පමණක් එක් පාර්ශවයකට අනෙක් පළාතට ගමන් කිරීමේ හැකියාව ලැබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එහිදී මනාල යුවළගේ මව්පියන්ට ද ගමන් කිරීමේ හැකියාවක් හිමිවන අතර වෙනත් කිසිදු අයෙකුට පළාත් හරහා ගමන් කිරීමේ අවස්ථාවක් නොමැති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

උපරිම සංඛ්‍යාව 150කට හෝ අදාළ ස්ථානයේ ධාරිතාවයෙන් සියයට 25ක ප්‍රමාණයකට යටත්ව විවාහ මංගල උත්සව පැවැත්වීමට මේ වන විට අවසර හිමිව තිබේ.