නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පත් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුර ද හොඹවනු ලබයි.

මේ දක්වා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතායි.