අනුර කුමාර දිසානායක

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පා.ම. අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ මහජනයාගේ මුදල් කෝටි ගණන් හොරකම් කරපු අයට පුවරුවක් සඳහා ලක්ෂයක් පමණ වියදම් කරන පාලකයන්ට රැස්වීමක් සඳහා කෝටි දෙක, තුන වියදම් කරන පාලකයන්ට මේක විශාල මුදලක් ලෙස පේන එක අරුම පුදුම දෙයක් නොවන්නේ ඒ අය සියලු වියදම් කරන්නේ ඇත්ත වියදම මෙන් තුන් හතර ගුණයක් ඒ අයගේ සාක්කු වලට දමා ගෙන බවයි.නමුත් අප මැතිවරණ කරන්නේ අපට ලැබෙන සෑම සතයක්ම අරපිරිමැස්මෙන් වියදම් කරමින් බවත් විශේෂයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති නීතියට පරිබාහිරව කිසිම මුදලක් වියදම් නොකරන බවත් එම මහතා වැඩි දුරටත් පැවසූහ.

සම්පූර්ණ වීඩියෝව සඳහා >>>>>>