බ්‍රිතාන්‍යයේ උද්ධමන අනුපාතය පසුගිය ඔක්තෝබර් මාසයේදී 3.6% දක්වා ඉහළ ගොස් ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය (ONS) පවසයි. එය අඛණ්ඩව සිව්වැනි මාසයටත් උද්ධමනය ඉහළ යාමක් වන අතර, වසරක කාලයක් තුළ වාර්තා වූ ඉහළම අගයද වේ. එරට මහ බැංකුවේ අපේක්ෂිත උද්ධමන ඉලක්කය 2%ක් ලෙස පැවතුණද, මෙම වර්ධනයත් සමඟ ආර්ථික අභියෝග තීව්ර වී තිබේ.
බ්‍රිතාන්‍ය ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය පෙන්වා දෙන ආකාරයට, ඉන්ධන සහ බලශක්ති බිල්පත්වල මිල ගණන් ඉහළ යාම මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇත.
උද්ධමනය පාලනය කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍ය මහ බැංකුව විසින් මේ මාසයේදී පොලී අනුපාතය 4% දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ. 2023 වසරෙන් පසු එරට මහ බැංකුව පොලී අනුපාත ඉහළ නැංවූ පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා වන අතර, ඉදිරියේදීත් උද්ධමනය තවදුරටත් ඉහළ යා හැකි බවට ආර්ථික විශ්ලේෂකයින් අනාවැකි පළ කරති.




