2026 දකුණු ආසියානු පාපන්දු සම්මේලන ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබේ. බංග්ලාදේශයේ ඩකා නුවර පැවැති අවසන් මහා තරගයේදී පාකිස්තාන කණ්ඩායම ගෝල 2-1ක් ලෙස පරාජයට පත් කරමින් ඉන්දියාව මෙම ජයග්රහණය අත්කර ගත්තේය.
දෙපාර්ශ්වය අතර ඉතා තීක්ෂණ ලෙස පැවති මෙම අවසන් මහා තරගයේදී දක්ෂ ක්රීඩා විලාසයක් ඉදිරිපත් කළ ඉන්දීය ක්රීඩකයෝ තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වූහ. ඒ අනුව, දකුණු ආසියානු පාපන්දු කිරුළ තමන් සතු කර ගැනීමට ඉන්දියාවට හැකි විය.




