බංග්ලාදේශයේ බලයෙන් පහකළ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා යළි රටට පැමිණිය යුතු බවට ඉල්ලමින් ඇයගේ ආධාරකරුවන් විසින් සංවිධානය කරන ලද විරෝධතා අතරතුර ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් හටගෙන තිබේ.
මෙම විරෝධතා විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කර ඇති බව BBC වාර්තා කරයි.
ගෝපල්ගන්ජ් දිස්ත්‍රික්කයේදී හසීනාගේ අවාමි ලීග් පක්ෂයට අනුබද්ධිත තහනම් කරන ලද ශිෂ්‍ය සංවිධානයේ සාමාජිකයින් සහ ආරක්ෂක අංශ අතර ගැටුම් හටගෙන ඇති අතර, එහිදී විරෝධතාකරුවන් විසින් පොලිස් වාහනයකට ද ගිනි තබා ඇත.
හිටපු අග්‍රාමාත්‍යවරිය ඉන්දියාවේ පිටුවහල්ව සිටියදී බංග්ලාදේශයට යළි පැමිණීම සඳහා විදේශ ගමන් බලපත්‍රයක් ඉල්ලා ඇති බව ප්‍රකාශ කිරීමෙන් දිනකට පසු මෙම විරෝධතා මාලාව ආරම්භ වී තිබේ.
බංග්ලාදේශ ශිෂ්‍ය ලීගය විසින් මෙහෙයවනු ලබන මෙම විරෝධතා හරහා, 2024 අගෝස්තු මාසයේදී ඇති වූ දැවැන්ත ජනතා නැගිටීමකින් ෂෙයික් හසීනා බලයෙන් පහකිරීමෙන් පසු ඇයගේ ආධාරකරුවන් සංවිධානාත්මකව බලය පෙන්වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.
