22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් අවශ්යද යන්න ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව පැහැදිලි වන බව කැබිනට් මාධ්ය ප්රකාශක අමාත්ය නලින්ද ජයතිස්ස ප්රකාශ කරන ලදී.
ඊයේ (01) දින පැවති රජයේ මාධ්ය හමුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කරන ලද්දේ, මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් පමණක් ප්රමාණවත්ද, නැතහොත් ඊට අමතරව ජනමත විචාරණයක් අවශ්යද යන්න ශ්රේෂ්ඨාධිකරණය තීරණය කරනු ඇති බවය.
දේශපාලන පක්ෂයක හෝ පාර්ශ්වයක ඉල්ලීමක් මත පමණක් ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් බැහැරව ජනමත විචාරණයක් පැවැත්විය නොහැකි බවද අමාත්යවරයා පැවසීය.
ශ්රේෂ්ඨාධිකරණයට තීන්දුව ලබාදීම සඳහා තවත් කාලයක් පවතින බැවින්, එම තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පසු ඉදිරි ක්රියාමාර්ග පිළිබඳ තීරණය කළ හැකි බව ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් රට පුරා පැවැත්වෙන ජනහමු සහ 22 වන සංශෝධනය සම්බන්ධ ජනමත විචාරණයක් අතර සෘජු සම්බන්ධයක් නොමැති බවද නලින්ද ජයතිස්ස අවධාරණය කළේය.
එසේම ඔහු වැඩිදුරටත් ප්රකාශ කරන ලද්දේ එම රැස්වීම් දේශපාලන පක්ෂයක් ලෙස බිම් මට්ටමේ සංවිධාන කටයුතු ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක කොටසක් බවය.
සම්පූර්ණ ප්රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>





