2019 වසරේදී ඉදිකිරීම් ආරම්භ කර විවිධ හේතු මත අතරමග නතර වී තිබූ සෙත්සිරිපාය තුන්වන අදියරේ ඉදිකිරීම් කටයුතු අද (28) යළි ආරම්භ කෙරිණි.

එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කරන ලද්දේ රාජ්‍ය කාර්යාල නවීන ක්‍රමවේදයන්ට අනුව කළමනාකරණය කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බවය.

නිලධාරීන්ගේ තනතුරු හෝ බලය ප්‍රදර්ශනය කිරීම සඳහා විශාල කාර්යාල, දැවැන්ත මේස සහ පුටු අවශ්‍ය නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය ආයතන තුළ පවතින සාම්ප්‍රදායික කාර්යාල ආකෘතියෙන් ඉවත්ව, කණ්ඩායම් ලෙස කාර්යක්ෂමව වැඩ කළ හැකි නවීන ‘work station’ ආකෘතියකට යොමුවීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා අවධාරණය කළේය.

එම වෙනස්කම් සිදු කිරීමෙන් ඉදිකිරීම් වියදම් ඉහළ යාමක් වෙනුවට වියදම් තවදුරටත් අඩු කරගත හැකි බවද බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>