අප ආරම්භයේදී අධ්‍යාපන අමාත්‍යාංශය භාරගන්නා විට මහජන දිනයන්හිදී විශාල පිරිසක් පැමිණියද, වර්තමානය වන විට එයින් දසයෙන් පංගුවක්වත් පැමිණෙන්නේ නැති බව අමාත්‍ය නලීන් හේවගේ මහතා ප්‍රකාශ කරන ලදී.
පෙරදී ජනතාව පැමිණියේ ස්ථාන මාරුවීම් හා උසස්වීම් ලබා ගැනීමට මෙන්ම දරුවන් ජාතික පාසල්වලට ඇතුළත් කරගැනීමට බවත්, වසරකට දරුවන් 4,000කට අධික සංඛ්‍යාවක් පාසල්වලට ඇතුළත් කිරීම දේශපාලනඥයන් විසින් සිදුකර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අපගේ වගකීම වන්නේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම නොව, දරුවන් ඇතුළත් කිරීමට සුදුසු පාසල් පද්ධතියක් නිර්මාණය කිරීමයි. මින් පෙර එම ක්‍රමවේදය දේශපාලනඥයන්ගේ ග්‍රහණයේ පැවැති අතර, රට විනාශයට පත්වූයේ ද එම හේතුව නිසයි, යනුවෙන් එතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.
වර්තමානයේදී පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම හෝ ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් සිදුකිරීම දේශපාලනඥයන් භාර නොගන්නා බවත්, යම් අසාධාරණයක් හෝ වැරදි ක්‍රමවේදයක් සිදුවුවහොත් පමණක් ඊට මැදිහත් වන බවත් හෙතෙම පැවසීය.
රට ඉදිරියට ගෙන යාම සඳහා රාජ්‍ය සේවයට අවශ්‍ය ප්‍රතිපාදන සපයා, සුදුසු බඳවාගැනීම් සිදුකරමින්, අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම්වලින් තොර පරිසරයක් නිර්මාණය කළ යුතුය. දේශපාලනඥයෙකුගේ මූලික කාර්යභාරය වන්නේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම වන අතර, එම නිසි පිළිවෙත ක්‍රියාත්මක නොවන්නේ නම් පමණක් දේශපාලන මැදිහත්වීම සිදුවේ. අප එම සීමාවන් තුළ පමණක් කටයුතු කළහොත් අපේක්ෂිත විශාල ගමනක් ඉදිරියට යාමට හැකියාව ලැබෙනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>





