ශ්‍රී ලංකා රජය පැවති අපදා ව්‍යසනයෙන් පීඩාවට පත් පවුල්වල ජීවිත නැවත යථා තත්ත්වයට පත් කිරීමට “Rebuilding Sri Lanka” ප්‍රවේශය හරහා කටයුතු කරන බවත් ඊට සමගාමීව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය “Healing Sri Lanka” නමින් නව සංකල්පයක් හඳුන්වා දී ඇති බවත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.
අමාත්‍යවරිය මේ බව පැවසුවේ පසුගියදා (16) ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර පැවති ප්‍රථම “ගෝළීය රැකවරණය සළසන්නන්ගේ සමුළුව 2026” (Global Caregiver Forum 2026) ට සහභාගී වෙමිනි.
ශ්‍රී ලංකාව පෙර මෑත ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ස්වභාවික ව්‍යසනයට මුහුණ දුන් පිරිසට අවශ්‍ය මානසික සහයෝගය ලබා දීමට කටයුතු කරන බවත් ආපදාවට පත් පවුල්වල සාමාජිකයින්ගේ මනෝ – සමාජීය යහපැවැත්ම සංවර්ධනය කිරීම මීට අදාළ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සියලු පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන බවද පැවසුවාය.
“Healing Sri Lanka” සංකල්පයේ අපේක්ෂිත ප්‍රතිඵල ලෙස දරුවන්ට උසස් මට්ටමේ පවුල් පාදක රැකවරණයක් සැළසීම තහවුරු කරන අතර එය රටේ ජාතික ප්‍රමුඛතාවයක් ලෙස හඳුනාගෙන කටයුතු කරන බවද පෙන්වා දුන්නාය.





