කර්මාන්ත ආපදා සහාය මධ්‍යස්ථානය (IDSC) වෙත මේවන විට ඇතුළත් වී ඇති දත්ත ප්‍රමාණය අනුව ආපදාවට පත් ක්ෂ්‍රද්‍ර පරිමාණ ව්‍යපාර ගණන 5639ක්ද, සුළු පරිමාණ ව්‍යපාර ගණන 4636ක්ද, මධ්‍ය පරිමාණ ව්‍යපාර 2986ක්ද සහ මහා පරිමාණ ව්‍යපාර 437ක්ද, මුළු ව්‍යාපාර ගණන 13698ක්ද බව වාර්තා වී තිබෙනවා.

ආපදාවට පත් කර්මාන්ත පිළිබඳව දැනුවත් කිරීමට “0712666660”‌ යන දුරකථන අංකය හඳුන්වා දී ඇති අතර එම දත්ත පද්ධතියට අදාළ තොරතුරු හැකි ඉක්මනින් ලබා දෙන මෙන් හානියට පත් කර්මාන්ත කරුවන්ගෙන් අමාත්‍යංශය ඉල්ලා සිටිනවා.

මෙම දත්ත ලබා ගැනීම දෙසැම්බර් මස 16 වැනි දින පස්වරු 2ට පෙර සිදුකළ යුතු අතර තොරතුරු ඇතුලත් කිරීම www.industry.gov.lk හරහා සිදු කළ හැක.

අවශ්‍ය සහයෝගය ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් සිටින කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරියෙකුගෙන් ද ලබා ගත හැකිය.