ත්රිරෝද රථ, පාසල් වෑන් රථ, කාර්යාල සේවා සහ විශේෂ සංචාරක බස් රථ පිළිබඳ දත්ත රැස් කිරීම අද (01) සිට ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
මෙම සේවාවන් සඳහා ගාස්තු තීරණය කිරීම, රෙගුලාසි නිර්මාණය කිරීම සහ මාර්ගෝපදේශ සකස් කිරීම මෙහි අරමුණ බවයි එම කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා පවසා සිටියේ.
මෙහිදී, මහජන අදහස් රැස් කිරීම සඳහා ද වැඩසටහනක් සකස් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.





