පාසල් සිසුන් වෙනුවෙන් ලබාදෙන සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන සඳහා වන සංශෝධිත ගිවිසුම සඳහා අත්සන් තබා තිබෙනවා.
ඒ අනුව, ‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්’ ආයතනය හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැවගේ ප්‍රධානත්වයෙන් එම ගිවිසුමට අත්සන් තබා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
යාවත්කාලීන කළ නව ගිවිසුම හරහා පාසල් සිසුන් වෙත ලබාදෙන ප්රතිලාභවල වැඩිවීමක් සිදු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.






