හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක.
තුන්සිය විසිතුනක කන්ටේනර් නිදහස් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් පියවර බරපතල හා සැක සහිත බවත්, දැඩි පරීක්ෂණයකට ලක් විය යුතු රතු ලේබල සහිත කන්ටේනර් පරීක්ෂණයකින් තොරව නිදහස් කිරීම වැරදි ක්‍රියාවක් බවත්, මෙය නිලධාරීන් මත වරද පවරා වගකීම් පැහැර හරින්නට දරන උත්සාහයක් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පෙන්වා දෙයි.
රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට මෙවැනි කටයුතු සඳහා නියෝගය ලබා දුන්නේ කවුදැයි පැහැදිලි කළ යුතුය.මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම ආණ්ඩුව විසින් වගකීම භාරගෙන, විනයානුකූල හා නීතිමය පියවර ගත යුතු බවත්, එසේ නොමැතිනම් මෙය රටේ දැවැන්තම හොරකමක ආරම්භයක් ලෙස ආණ්ඩුවට චෝදනා කරන බවත් සදහන් කළේය.
වැඩිදුර විස්තර සඳහා>>>>>>>