රත්තොට-උකුවෙල ප්‍රාදේශීය සභාවේ පාලන බලය ජාතික ජන බලවේගයට හිමිවී ඇති අතර, එහි සභාපති ධුරය සඳහා නියෝජිත නිමල් කරුණාතිලක මහතා තේරී පත්වී තිබේ. ඔහු ඡන්ද 14ක් ලබාගෙන මෙම තනතුරට පත්වීය.

එම සභාවේ උප සභාපති ලෙස එක්සත් ජාතික සන්ධානය නියෝජනය කළ මීරා සයිබු මොහොමඩ් රාෆි මහතා පත්වී ඇති අතර, ඔහු ඡන්ද 12ක් ලබාගෙන තිබේ.

එමෙන්ම, සේරුවිල ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ජාතික ජන බලවේගයේ එම්.ජී.ජේ. තුෂාර සම්පත් මහතා තේරී පත්වී ඇති අතර, උප සභාපති ලෙස සර්වජන බලය නියෝජනය කළ කේ.ජී. දිමුතු ප්‍රියංකර මහතා පත්වී ඇත.