පිටකොටුව ව්‍යාපාරික සංගමය.

අපි, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස, සහ පිටකොටුව එකමුතු නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන අපගේ මූලික වගකීමක් ලෙස, අපි පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ රට තුළ අනවශ්‍ය ලෙස ජාතිවාදය ඇතිකරන ප්‍රකාශ වලට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.
අපි දැක්කා, ගරු ජනාධිපතිතුමන් විදේශ සංචාරයන් හරහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ආයෝජන සහ හවුල්කාරීත්ව වැඩසටහන් ලබාගැනීමේ උත්සාහයන් අරඹා ඇති බව. එය ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත සකස් කිරීමේ විශාල පියවරක්. එවැනි යහපත් ක්‍රියාමාර්ග වලට බාධා ඇති කිරීම සඳහාත් ඔවුන්ගේ පෙර වැරදි වලට දඩුවම් විදීමට සිදුවන බව දන්නා නිසාත් ඒවාට බියේ ගම්මන්පිල වීරවංශ වැනි පුද්ගලයන් විසින් බොරු ප්‍රචාර පැතිරවීමේ උත්සාහයන් දරන බව පෙනේ.
අපි සියළුම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ජාතිවාදය අවුස්සන ව්‍යාජ ප්‍රචාර වලට නොරැවටී ශ්‍රී ලංකාවේ සමතුලිත, සාමකාමී අනාගතයක් වෙනුවෙන් අපි හැමෝම එකට එකතු වී කටයුතු කරන ලෙසයි.

වැඩිදුර විස්තර සඳහා>>>>>>