අමාත්‍ය නලින්ද ජයතිස්ස.

නව ශ්‍රී ලංකා රාජ්‍ය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාලතම හෙද සේවා එකවර පත් කිරීමේ කාර්යයන් ආරම්භ කොට ඇත. විශාල ප්‍රමාණයක හෙදවරුන් රාජ්‍ය සේවයට එක්කොට ගන්නා බව, ප්‍රාථමික සෞඛ්‍ය සේවාව දියුණු කිරීම හා රෝහල් පද්ධතියේ තදබදය පාලනය කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කර ඇත. මෙම ක්‍රියාමාර්ග සමඟම නිරෝගිමත්, කාර්යක්ෂම සහ මනුෂ්‍යත්වයෙන් පිරිපුන් සෞඛ්‍ය සේවා පද්ධතියක් ස්ථාපිත නොකරමින් අපි බලාපොරොත්තු වන පුනරුදයට ගමන් කරන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි 3147ක් වැනි විශාල ප්‍රමාණයකට එකවර පත්වීම් ලබා දෙන්නට අපි තීන්දු කළේ. තවත් මාස දෙකක් ඇතුල්දී ඔබේ කණ්ඩායමේ ඉතිරි 350ට පත්වීම ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඊළඟ කණ්ඩායමේ 2600කට පත්වීම ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා.
එහෙයින් අපි රුපියල් බිලියන 220ක් පමණ වියදම් කරලා තිබෙන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට. ඒක තමයි ඉතිහාසයේ එතෙක් මෙතෙක් සෞඛ්‍ය සඳහා වෙන් කරන ලද වැඩිම මුදල. අන්න ඒ ගුණයත් ආරක්ෂා කරගනිමින් කටයුතු කරයි කියන එක මම බලාපොරොත්තු වෙනවා.

වැඩිදුර විස්තර සඳහා>>>>>>>