රාජ්‍ය සේවකයින් සඳහා ණය ලබා දීම සම්බන්දයෙන් නව චක්‍රලේකයක් නිකුත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් පාලන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කරමින් නිකුත් කර ඇති එම චක්‍රලේඛය පසුගිය පළමුවනදා සිට ක්‍රියාත්මකයි.