පාඨලී චම්පික රණවක

“රට පුරාම ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා සඳහා අපි නාමයෝජනා භාරදෙනවා. අපි අපේ අමාත්‍යංශය කරන වකවානුව තුළ, මේ නගරවල තිබිච්ච තීරණාත්මක ප්‍රශ්න විසඳපු කට්ටියක් හැටියට තමයි මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. කොළඹ නගරයේ කැලිකසල ප්‍රශ්නය, අපි විසඳන්න කටයුතු කළා. ඒ වගේම අපි නව සැලැස්මක් ඉදිරිපත් කරනවා, දෙදහස් හතේදී හඳුන්වලා දීපු, පිළිසරු වැඩපිළිවෙලට සමාන්තරව, රටේ අපි තරඟ කරන සියලුම ප්‍රාදේශීය සභා, නගර සභා මහ නගර සභාවල කැලිකසල ප්‍රශ්නය වැඩි දුරටත් නවීකරණය කරලා විසඳීම සඳහා වැඩපිළිවෙලක්. කොළඹ නගරයේ අප ජල ප්‍රශ්නය විසඳීම සඳහා අපි වැඩ පිළිවෙලක් ගෙනිච්චා. ඒකෙ ව්‍යාපෘති හයයි කළේ. ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් අත්හැර දමනු ලැබුවා. ඒ සියලුම ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීම සඳහා මහ නගරයේ මුල්‍ය අවශ්‍යතාවයක් අපි ගොඩනගමින් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”

පාඨලී චම්පික රණවක මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>