හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

සාමාන්‍යයෙන් අපි කටවහරෙට කියනවා, දේශපාලනය කරනකොට, දේශපාලනය හතුරොත් නෑ, මිතුරොත් නෑ කියලා. දැන් අපිත් එක්ක මිතුරු කමින් හිටපු කීපදෙනෙක් ගියානේ එක්සත් ජාතික පක්ෂයට. ඇත්තටම හතුරෝ හොඳයි ඒ වගේ මිතුරොන්ට වඩා. මොකද ඔවුන් සජිත් ප්‍රේමදාස මහත්මයාට සහයෝගය දෙන්න අවශ්‍යම කාලේ ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්මයත් එක්ක හිටගත්තා. සජිත් ප්‍රේමදාස මහත්මයා පරාජය කරන බලාපොරොත්තුවෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. ජනාධිපතිවරණ වේදිකාවේ කිව්වා සජිත්ට දිනනවට වඩා අනුරට දෙන එක හොඳයි කියලා. ඉතින් මෙච්චර දේවල් කරපු රනිල් වික්‍රමසිංහ මහත්මයත් එක්ක එක්කහු වෙලා මොන ගමනක්ද මට හිතාගන්න බෑ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>