පාර්ලිමේන්තු සැසිවාරය
හලාවත වැවිලි සමාගමේ පසුගිය කාලය තුල වැලි කැණීම් කරලා, වැලි අලෙවි කරන්න තීන්දු කරලා තියෙනවා. ඒකේ ආදායම් ලබාගන්න බලාපොරොත්තුවක් තිබුණා. ආදායම් ලබාගැනීම ගත්තොත් දෙදාස් විසිඑකේ වැලි කැණීම් කරලා වැලි අලෙවි කරලා ටෙන්ඩර් කරලා සමාගම් කොන්ත්රාත්කරුවන් වෙත දීලා තමයි වැලි කරලා තියෙන්නේ. ඒ අනුව විසි එකේ අවුරුදු වැලි විකුණලා ආදායම ලබලා තියෙනවා සමාගම රුපියල් මිලියන හතළිස් හතයි දශම දෙකක්. දෙදාස් විසි දෙකේ අලෙවි කරලා ලබලා තියෙනවා මිලියන හැට එකයි දශම දෙකක්. දෙදාස් විසිතුනේ වැලි අලෙවි කරලා ආදායම් ලබලා තියෙනවා රුපියල් මිලියන විසි හතරයි දශම හතරක්. ඒ අනුව මුලු ලබලා තියෙන ආදායම සමාගම මිලියන එකසිය තිස් දෙකයි දශම අටයි. හැබැයි විගණන වාර්තාව විසින් පෙන්වා දෙනවා සුවිශාල වංචාවක් මෙතන සිද්ධ වෙලා තියෙනවා. අපි ලඟදිත් පරීක්ෂණ කණ්ඩායම් යැව්වා. ඒ අනුව මුක්කු තොඩුවාව කියන වැලි කැණීම් විසින් රජයට අහිමි වෙලා තියෙන මුදල, නැත්නම් හලාවත වැවිලි සමාගමට අහිමි වෙලා තියෙන මුදල රුපියල් මිලියන හත්සීය හතළිස් හයයි දශම හයක්. වංචාවක් සිද්ධ වෙලා තියෙනවා.
පාර්ලිමේන්තු සැසිවාරයේදී දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>