අමාත්‍ය නලින්ද ජයතිස්ස
හෙට පාර්ලිමේන්තුව රැස් වෙනවා. ඒ නිසා අපි අද පාර්ලිමේන්තුවේ මූලික සූදානම් කිරීමේ කටයුතු සඳහා අපේ මන්ත්‍රී කණ්ඩායම එකතු කර ගත්තා. ඒ අනුව ඒ අයට අවශ්‍ය කරන උපදෙස් ලබා දීම, ඒ වගේම එතනින් එහාට ආණ්ඩු පක්ෂයේ කටයුතු පිළිබඳ තමයි සාකච්ඡා කළේ. එතනින් එහාට බලා ගන්න පුළුවන් හෙට ඉඳලා අපේ පාර්ලිමේන්තු කණ්ඩායම කොහොමද හැසිරෙන්නේ කියලා. ඒ අනුව දිගටම ආණ්ඩු පක්ෂ රැස්වීම් පවත්වමින් විධිමත්ව මේ කටයුත්ත පවත්වගෙන යනවා.
අමාත්‍ය නලින්ද ජයතිස්ස මාධ්‍යට දැක්වූ අදහස්.