පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර්

අද දවසේ අපි දැක්කා මුළු කොළඹ නගරය පුරාවටම පෝස්ටර් කැම්පේන් එකක් දාලා තියෙනවා. ආරංචිය සුභයි කියලා ඉවරවෙලා. එතකොට මේ සුභ ආරංචිය මොකක්ද කියලා අපි හොයාගෙන යන කොට ආරංචි වෙනවා ත්‍රයිනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා හම්බෙලා දැනුම් දීමක් කරලා, ජාතිය අමතා ජනාධිපතිතුමා විශේෂ ප්‍රකාශයක් කරන්න යනවලු රට බංකොලොත් භාවයෙන් මුදවගත්තා කියලා.

එතකොට මේ ආකාරයටම ජනාධිපතිතුමා ගිය අවුරුද්දේ මාර්තු 21 වෙනිදා ජාතිය අමතලා ප්‍රකාශයක් කරා රට බංකොලොත් භාවයෙන් මුදාගෙන තියෙන්නේ දැන් සාමාන්‍ය තත්වයට ගෙනියන්න පුළුවන් කියලා. ගියපාර මොකක්ද වුණේ? බදු වැඩිකරා, බඩු මිල වැඩි කරලා, ජනතාවගේ බෙල්ල මිරිකනවා වගේ මේ තත්වයක් තමයි නිර්මාණය වුණේ.

අපි පැහැදිලිව කියන්න කැමතියි. ඕන කෙනෙක් ජනාධිපතිවරණයට මුහුණ දෙන්න. ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා තමන්ගේ ප්‍රචාරක ව්‍යාපාර කරන්න. හැබැයි ඒ උදෙසා රටේ ණය බරතාවය වැඩි කරලා රටේ ණය බර වලින් අපට සහනයක් ගන්න තියෙන අවස්ථාව නැති කරන පාවා දෙන ගිවිසුම් නම් ගහන්න එපා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>