අධ්‍යාපන මිලිටරීකරණයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතාගේ ප්‍රධානත්වයෙන් 43 සේනාංකය සංවිධානය මගින් පැවැත්වූ උද්ඝෝෂණයක් ලිප්ටන් වටරවුම ආසන්නයේ පිහිටි බැප්ටිස් දේවස්ථානය අසල දී පැවැත්විණි.

හිටපු පළාත් සභා මන්ත්‍රී කීර්ති ශ්‍රී වර්ණසිංහ ,හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ කරුණාරත්න පරණවිතාන ඇතුළු 43 සේනාංකයේ ක්‍රියාකාරී සාමාජික සාමාජිකාවන් රැසක් ද එයට එක්ව සිටියහ.