අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද අලුයම රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

වසන්ත මුදලිගේ සිරස STEIN මැදිරියේ පැවති “මාවත” වැඩසටහන නිමවා යමින් සිටියදී රත්මලාන බොරුපන ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත් විය.

ඒ රත්මලාන , බොරුපන පාරේ පිහිටි 4 වන ඉංජිනේරු සේවා බළකා යුද හමුදා කඳවුරට මීටර් 200 ක් පමණ වන්නට බොරුපන දෙසින් යොදාතිබූ පොලිස් මාර්ග බාධකයේදී ය.

තමන් අත්අඩංගුවට ගන්නේ ඇයි දැයි වසන්ත මුදලිගේ පොලිසියෙන් විමසා සිටි අතර , එවිට පොලීසිය සඳහන් කළේ, අයුතු ජනරාශි, අනර්ථයක් සිදුකිරීම සහ රාජ්‍ය දේපලවලට හානි කිරීම යටතේ ඔහු අත්අඩංගුවට ගන්නා බවයි.