ඩෙල්ටා ප්‍රභේදය හමුවේ මිනිසුන් ඔක්සිජන් නොමැතිව රෝහල් තුළ මැරී වැටෙන තත්ත්වයට පත්වෙමින් ඇති බව ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසනවා.

ඒ අනුව පසුගිය කාල සීමාවේදී වාර්තා වූ රෝගීන් ගෙන් බහුතරයක් දෙනා සඳහා ඔක්සිජන් අවශ්‍යතාවය මතුවී තිබෙන බවද ඔහු ප්‍රකාශ කළා.

අද වන විට ලංකාවේ නිපදවන සමස්ත ඔක්සිජන් ප්‍රමාණයම රෝගීන්ට ලබාදීමට සිදුවීම නිසා ඉදිරි සතියේදී ඉන්දියාවෙන් සහ සිංගප්‍පුරුවෙන් අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීමට පියවර ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

රට මුහුණ පා ඇති වත්මන් තත්ත්වය ගැන සලකා ගුරුවරුන් විසින් සිදුකරනු ලබන විරෝධතා අත්හිටුවීමට කටයුතු කරන ලෙස මෙහි රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක්ද සිදුකළා. ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින්.