කොරෝනා ආසාදිත මරණ 39ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 2,944ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ එම මරණ ඊයේ (26) තහවුරු කර ඇති බවය.