මින්නේරිය ජාතික වන උද්‍යානයේ අලි පැටෙවෙකු පැහැර ගැනීමට සූදානමක් ඇති බවට තොරතුරු මත වනජීවි නිළධාරින් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත්තේ පසු ගිය බදාදා සිටයි.

එම වන උද්‍යානයේ පෙරේදා රාත්‍රීයේ සිට රැක වල්ලාගෙන සිටි වනජීවි නිළධාරින් වන උද්‍යානයේ සිට පැමිණි ජීප් රථ දෙකක් පරීක්ෂා කිරීමට උත්සහ කර ඇත.

එම ජීප් රථ දෙක අණ නොතකා ධාවනය කර ඇත.පසුව වනජීවි නිළධාරින් මෙම ජීප් රථ දෙක හඹාගෙන ගොස් ඇත.ඉන්පසු වෙනත් මුර පොළක සිටි හමුදා නිළධාරින් පිරිසක් වනජීවි නිළධාරින්ව ඔවුන්ගේ ග්‍රහණයට ගෙන ඇත.

ඉන්පසු වනජීවි නිළධාරින්ට හමුදා නිළධාරින් විසින් ප්‍රහර දුන් බව වනජීවි නිළධාරින් චෝදනා කරනවා.

වනජීවි නිළධාරින් මෙම සිද්ධිය පොලිසියට පැමිණි කළ බව වන සත්ත්ව අඩවි ආරක්ෂක නිළධාරි කුමාරසිරි විජේකෝන් පවසනවා..