ජාතික ජන බලවේග රජය බලයට පත් වූ පසු රාජ්‍ය සේවකයන්ට උද්ධමනයට සාපේක්ෂව වැටුප් ගැලපීමක් තවම සිදු කර නොමැති බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි.
විරෝධතා රැල්ලක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, “රැල්ලක් නම් පේන්න දෙයක් නැහැ. උද්ධමනයට සාපේක්ෂව අපි වැටුප් ගැලපීමක් තවම අපි ආණ්ඩුව අරගෙන අපි කරලා නැහැ. විශේෂයෙන්ම අපිට කවුරුත් කෑගහන්න ඕනි නෑ. මොකද අපිට මේක දැනෙනවා. මොකද අපි ජනතාවාදී ආණ්ඩුවක්. ඒකනිසා ඉල්ලන්නත් පෙර සහන දීමනා දෙමින් තිබුණා” යනුවෙන් සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු, “මේක ඇතුළේ එයාලටත් සටනක් කළා වගේ හැඟීමක් කරන්න ඕන කියලා අරමුණක් තියෙනවා නම් 30 වෙනිදට ඇවිල්ලා උද්ඝෝෂණ කළාට අපේ විරෝධයක් නෑ” යනුවෙන්ද ප්‍රකාශ කළේය.

